කෑලි කැපිය හැකි නිල් පැහැ ජෙලි තට්ටුවක සිරිගන්නා සිඳු දියවර දිග ඇදී යන මුහුදු අඟුලේ ඉදිරි කෙලවරේ මිටි දිගු බංකුවේ හිද ක්සිතිජ රේඛාව දෙස බලා හිදින්නකුට මා සිටින්නේ මහා මුහුදේ මධ්‍යයේ නොවේද” යන හැගීම නොදැනෙන්නේ නම් ඔහු අසංවේදී අසංවර හිතකට හිමිකම් කියන නාවුක මගියෙකි. පුංචි තිතක්ව ඈතින් පෙනෙන නාගදීපයත් ඉදහිට සල්ලාල විනෝද ගමනක යෙදෙන මුහුදුලිහිණි රංචුවකුත් හැර හතර දිගම පාළු නීලහරිත පලයක සිරි ගනිි. කුරිකඞ්ඩුවාන් ජැටියෙන් ගමන අරඹා දැන් විනාඩි විසි දෙකක් ගෙවී ගොසිනි. මුහුදු අඟුලේ පැටවුණු සෙවිලි තහඩුල සිමෙන්ති කොට්ටල මෝටර් බයිසිකල් යකඩ බට හාල් මුට්ටල භූමිතෙල් ටැංකි අතර තැන උස්ව නැගුණු මිටි බංකු මත ඔහේ කල්පනා කරමින් යන්නන් අතර මම ද පරිසර භාවනායෝගියෙකුව හිදිමි.පැලැස්ස
Thursday, December 10, 2015
අරුණැලි සමඟ හිනැහෙන ඉසුරුපිරි සොදුරු කොදෙව්ව ඩෙල්ෆ්
කෑලි කැපිය හැකි නිල් පැහැ ජෙලි තට්ටුවක සිරිගන්නා සිඳු දියවර දිග ඇදී යන මුහුදු අඟුලේ ඉදිරි කෙලවරේ මිටි දිගු බංකුවේ හිද ක්සිතිජ රේඛාව දෙස බලා හිදින්නකුට මා සිටින්නේ මහා මුහුදේ මධ්‍යයේ නොවේද” යන හැගීම නොදැනෙන්නේ නම් ඔහු අසංවේදී අසංවර හිතකට හිමිකම් කියන නාවුක මගියෙකි. පුංචි තිතක්ව ඈතින් පෙනෙන නාගදීපයත් ඉදහිට සල්ලාල විනෝද ගමනක යෙදෙන මුහුදුලිහිණි රංචුවකුත් හැර හතර දිගම පාළු නීලහරිත පලයක සිරි ගනිි. කුරිකඞ්ඩුවාන් ජැටියෙන් ගමන අරඹා දැන් විනාඩි විසි දෙකක් ගෙවී ගොසිනි. මුහුදු අඟුලේ පැටවුණු සෙවිලි තහඩුල සිමෙන්ති කොට්ටල මෝටර් බයිසිකල් යකඩ බට හාල් මුට්ටල භූමිතෙල් ටැංකි අතර තැන උස්ව නැගුණු මිටි බංකු මත ඔහේ කල්පනා කරමින් යන්නන් අතර මම ද පරිසර භාවනායෝගියෙකුව හිදිමි.Friday, October 30, 2015
අඩි 4500ක් පහල ඉර පායන්නැති හුදෙකලා ගම්මානය
අසීරු ගමන් මග |
Thursday, October 15, 2015
ආදිවාසීන්ගේ අරුම පුදුම පුළුන් පෙරහර
මොර බැද්ද පසුකොට මහා වනයට වැදි දෙමටා තත්ත්පරයක ඇසිල්ලෙන් කොළොන් ගසෙහි ඉහළම අත්තට බඩගෑවේය. ගෙදර යන්නා වැනි ගමනින් ගසට බඩගෑ හෙතෙම එතැනින් බසා හරි කෙළින් අහස තෙක් නැඟී හිඳි කොළොන් ළී තෝරන්නට පටන් ගත්තේය. තෝරාගත් කොළොං ලීය එක් පොරව පහරකින් කපා ලූ කැකුලා ගසෙන් බැද්දට පැන්නා මිස බැස්සේ නම් නැත. පොරෝ කැටිය උරයේ රුවාගත් දෙමටා කැකුලා මෙන්ම බොහෝ කැකුළෝ මෙහේ වනවැදුණේ ඇද නැති කොළොන් ලී සෙවීමටය. කපාගත් ලී දඬු ශක්තිමත් උරබාහුවට තද කොටගත් මේ කැකුළන් නඩය නැවත මොරබැද්දට ගෑටුවේ ඉර හැරෙන්නට ඔන්න මෙන්න කියා තිබියදීය.
Thursday, September 10, 2015
අපේ හාමුදුරුවන්ගේ වීර්ය පාරමිතාව
Friday, June 5, 2015
ගිනස් පොතට ගිය ලංකාවේ මුල්ම නිළිය
මාලිනී රණසිංහ
මා ඇය වේදිකාවේ රඟනු කෙදිනක හෝ දැක නැත. නමුදු ඇල්පිටිය රූපා කරුණාතිලක රඟහලේ නිතර නාට්‍ය බලන්නට යාම පුරුද්දක් කොට ගත් තාත්තා ඇගේ නම කිහිප වරක්ම කියනු මා අසා තිබුණි. ‘සිංහබාහු’ යන නම සමඟ මහැඳුරු සරච්චන්ද්‍රයන්ගේ රන් නාමය කියැවෙන සෑම විටදීම කොතැනක හෝ ඇයගේ නම කියවෙනු ද මම කිහිප විටක්ම දුටිමි. ඇයගේ නම සමඟම ටෙරන්ස් රණසිංහ (ටෙරී) යන නම ද නිරතුරුවම බැඳුණු බව ඇසුණු කතාවලට අනුව මට මතකය.Tuesday, January 7, 2014
දමිතා අබේරත්න සීගිරියේ මතක අතර
ඒ ආදරයේ උණුසුම මට තවමත් දැනෙනවා
| සේයාරුව - ටෙනිසන් එදිරිසිංහ |
ඈ කවුරුත් එකලෙස ආදරය කරන දමිතා අබේරත්න ය. රංගන ලොවට පමණක් නොව මුළු කලා
ලොවටම දිදුලන සුපුන් සඳක් සේ වැජඹෙන දමිතා පිළිබඳ මේ දිනවල වැඩිවශයෙන් කතාබහට
ලක්වෙන්නේ ‘සසර සරණී’ ටෙලි නාට්‍යය නිසාමය. නිළියක ලෙස ප්‍රතිභාව පෑ දමිතා සසර සරණී හරහා
අධ්‍යක්ෂණයේ සුබ නව මං පෙතකට පිවිස සිටින්නීය. සසර සරණී නරඹන සැමට දමිතාගේ අදියුරුකම්
හි ඇති ප්‍රතිභාව පිළිබඳ නැවත නැවතත් කිවයුතු නොවේ.
අප සැමදා කතා බහ කරන්නේ දමිතා අබේරත්ත නම්වන නිළිය සමඟය, නැතහොත් ගායිකාව සමඟය.
අද අප හමුවන්නේ දමිතා අබේරත්න නම් අධ්‍යක්ෂවරියයි.
Tuesday, December 31, 2013
දෙකයි පනහෙ කොම්පැණි එක්ක මගේ ඩීල් නැහැ සුරංග ද අල්විස් උණුසුම් වෙයි
Subscribe to:
Comments (Atom)

