Thursday, December 10, 2015

අරුණැලි සමඟ හිනැහෙන ඉසුරුපිරි සොදුරු කොදෙව්ව ඩෙල්ෆ්









කෑලි කැපිය හැකි නිල් පැහැ ජෙලි තට්ටුවක සිරිගන්නා සිඳු දියවර දිග ඇදී යන මුහුදු අඟුලේ ඉදිරි කෙලවරේ මිටි දිගු බංකුවේ හිද ක්සිතිජ රේඛාව දෙස බලා හිදින්නකුට  මා සිටින්නේ මහා මුහුදේ මධ්‍යයේ නොවේද” යන හැගීම නොදැනෙන්නේ නම් ඔහු අසංවේදී  අසංවර හිතකට හිමිකම් කියන නාවුක මගියෙකි. පුංචි තිතක්ව ඈතින් පෙනෙන නාගදීපයත් ඉදහිට සල්ලාල විනෝද ගමනක යෙදෙන මුහුදුලිහිණි රංචුවකුත් හැර හතර දිගම පාළු නීලහරිත පලයක සිරි ගනිි. කුරිකඞ්ඩුවාන් ජැටියෙන් ගමන අරඹා දැන් විනාඩි විසි දෙකක් ගෙවී ගොසිනි. මුහුදු අඟුලේ පැටවුණු සෙවිලි තහඩුල සිමෙන්ති කොට්ටල මෝටර් බයිසිකල්  යකඩ බට හාල් මුට්ටල භූමිතෙල් ටැංකි අතර තැන උස්ව නැගුණු මිටි බංකු මත ඔහේ කල්පනා කරමින් යන්නන් අතර මම ද පරිසර භාවනායෝගියෙකුව හිදිමි.

අපේ සිතියමේ ඉරක්වන්ව සලකුණු වු පටු දිගු මාවත පසුකොට යාපනයේ සිට කුරිකඞ්ඩුවාන් ජැටියට තෙක් පැමිණි ගමනේදී දැනුනේ රට අතැර වෙනත් දේශයකට යන සංචාරකයකුට දැනෙන සතුටුදායක සිතිවිල්ලකි. කුරිකඞ්ඩුවාන් ජැටියේ සිට නාගදීපයට යන මහා සෙනඟ මුහුදු අගුල් දියත්කොට විනාඩි පහලොවක් වේලා යනතෙක් හොදින් පෙනිනි. මේ අසිරිමත් සංචාරය අප ඇරුඹුවේ කුරිකඞ්ඩුවාන් ජැටියෙනි. යාපනයේ සිට සුන්දර නොකිලිටි මඟ ඔස්සේ පැමිණි අපි කුරිකඞ්ඩුවාන් වෙත ළගාවන විට උදෑසන හරිහැටි ගෙවී ගොස් නැත. මේ ගමනේ අපේ ඉලක්කය සුන්දර මහ මුහුදේ - නිකැලැල් දුපත් කුමරිය ඩෙල්ෆ් සොයා යෑමය. කුරිකඞ්ඩුවාන් ජැටියෙන් ගමන් අරඹන මුහුදු ප‍්‍රවාහන සේවා ද්විත්වය අතර ඉහළ ඉල්ලූක් පවතින්නේ නාගවිහාරය වෙත යන අඟුල් වෙතටයග  ෆෙරිය” ලෙසට සැවොම හදුන්වන මේ මුහුදු අඟුල බහුදින ධීවර යාත‍්‍රාවක ස්වරූපයට ඉතා සමාන බෝට්ටුවකට වඩා විශාල සුරක්‍ෂිත ප‍්‍රවාහන මාධ්‍යයකි. කුරිකඞ්ඩුවාන් ජැටියේ සිට හොදින් අවධානයෙන් බලන්නෙකුට නාගදීපය සෘජුවම දිස්වන මුත් ඩෙල්ෆ් දුපත අනුමාන වශයෙන් වත් සෙවීම නිශ්ඵල කාර්යයකි. කුරිකඞ්ඩුවාන් ජැටියේ සිට නාගදීපයට තිබෙන දුර මෙන් පස්ගුණයක් වත් ඩෙල්ෆ් දුපතට දුර බව ගමනට පෙර මට කියු තංගයියා ආරක්‍ෂිත කබා අසුරන පෙට්ටියකට වී සුව නින්දකය.
නානාවිධ ජනතාවන් ගෙන් පිරුණු ෆෙරියේ දකුණු කෙළවරෙහි සිටින විදේශික යුවළ සමුදුර ගමන ඔවුන්ගේම එකක් කරගනිමින් නිදහසේ පෙට් ගීයක් මුමුණති. ගීතය සුළගේ වේගය සමඟ ක‍්‍රමයෙන් උස් පහත් වෙයි. ගීය එකවරම මැකී ගියේ අයිස් පලම් නලාවේ කටෝර හුරු පුරුදු හඩිනි. ඔහු ඩෙල්ෆ් දුපත වෙත යන අයිස් පලම් වෙළෙන්දෙකි. දිනකට දෙවරක් එහා - මෙහා යන මේ ෆෙරිය නිවෙස තරමට හුරුබව ඔහුගේ හැසිරීම පසක් කරයි. මේ ගමන් වාරයේ ඩෙල්ෆ් වෙත යන ඔහු තමාගේ වෙළෙදාම හමාරකොට නැවත පැමිණෙන්නේ දෙවැනි ගමනේදීයග ඩෙල්ෆ් වෙත යන මේ සුන්දර ගමනට සිහිලස සපයමින් ඔහු ෆෙරියෙද තමාගේ වෙළෙදාමේය.
කාන්තත් බිරියත් දරුවාත් යන්නේ තමාගේ නැන්දනියගේ සුවදුක් බලන්නටයග ෆෙරියට පටවාගත් බයිසිකලයේම හිද සිටින  කාන්ත දමිල බසින් තමගේ දරුවාට කියන ගීය ඉතා මිහිරිය.
    මුහුද ලස්සනයි  
 වතුර හරි ගොඩයි
   තද නිලෙන් දිලෙයි
   නිල් අහස වගෙයි”
ඔහු ලවා මගේ රෙකෝඩරයට ගබඩා කරගත් හඩ මුහුදු සුළගට තැන තැන මැකී ගියද සිපනලට හරවා ගත්තේ කොළඹට පැමිණි පසු මගේ මිතුරකුගේ උදව් උපකාරයෙනි.
නිසොල්මනේ හිඳ මුහුදේ දිශාව දැන ඇදෙන ෆෙරිය දිය රළ මත ගැටී ඇදෙන සිතුවම් දෙස බලමින් හිඳ මා ඉන් මුදාගනු ලැබුවේ කොන්දොස්තර මහතා විසිනි. දැන් ඔබ මා උන්මත්තකයකු යැයි සිතුවද ගොඩබිම පොදු ප‍්‍රවාහන සේවාව බස්රථ වන සේම මුහුදේ පොදු ප‍්‍රවාහන සේවාව ෆෙරියයි. එහිද මුදල් අයකර ගැනීමේ ක්‍රියාවලිය බස් රථයකට සමාන වුවද අතරමග නැවතුම් නැති මේ ගමන වෙනස්ම වු එකකි.
රුපියල් පනහක් දී ටිකට් පත ලබා ගත් මා කොන්දොස්තර සමඟ කතා බහට වැටුණෙමි. මාලූ නහින්නේ කඩ නිසා යැයි මා අසා තිබුණද බොහෝ දේ දැනගැනීමට මඟදී හමුවන  ඕනෑම අපුරු මිනිසකු සමඟ කතා කිරීම සංචාරකයෙකු ලෙස මා හුරුව තිබෙන කටයුත්තකි.වාසනාවට හොදින්ම සිංහල උගත් කොන්දොස්තරවරයා තරමක් ඈත අගය කරා ඇදුණු පටියක් වෙත ඔහුගේ අත්ල දිගේ මගේ නෙත ගෙනියයි.
"ඒ කියන්නේ ඩෙල්ෆ් තව විනාඩි පහළොවක් විතර යාවි අද ටිකක් මූද සැරයි”
ඇසු දෙයට පමණක්ම පිළිතුරු දුන් ඔහු නැවතත් මගේ  ඕපාදුප නොඅසා තමන්ගේ රාජකාරිය අරඹයි. මා හැරුණුකොට සංචාරය අරඹයා ඩෙල්ෆ් දුපතට පියනගන පිරිස ෆෙරියේ සිටි සමස්ථ ජන සමුහයාගෙන් පහෙන් එකක් තරම් වන්නට ඇත. හැම දෙනෙකුට ආසන්න පිරිසක් ගමන්ගත් මේ ෆෙරියේ පටවා තිබු බඩුවල බරද මිනිසුන්ගේ සමස්ථ බර මෙන් හතර ගුණයක් තරම් වන්නට ඇත. එතරම් විශාල බරක් දියමත පාවෙමින් මේ ඇදෙන්නේ මගේ සංචාරක පාරාදීසය කරාය.


විනාඩි පනස් පහකට නොවැඩි මුහුදු ගමනින් අනතුරුව ඩෙල්ෆ් දුපතේ තොටුපලට පැමිණි ෆෙරියේ දැන් ඇත්තේ නොසිතූ විරූ නොසන්සුන්තාවයකි. නමුදු මේ නොසන්සුන්තාවය කිසිවෙකුටත් කරදරයක් නොවන සුන්දර නොසන්සුන්තායකිග.මාස ගණනකින් ගොඩබිම දුටුවන් සේ හැසිරෙන පුරුදුකාරයන් බොහෝ දෙනෙකු නිදිසුවයෙන් මිදුනේ හරියටම විනාඩි පහකට ආසන්න කාලයකිනි. ගමන ඇරැඹි විනාඩි කිහිපයකින් නිදිසුව වැළදගත් තංගයියා එකවරම අවදිවී නැවත නින්දට වැටෙන්නේ විනාඩියක දෙකක නින්දද ඉතා වටිනා බව හඟවමිනි.
 ර්‍ශීතල ශුලග...............ඔදට නින්ද ගියා............
තංගයියා එවර මට පවසන්නේ ඇඟමැලි කඩමිනි.තැනින් තැන කැඩෙන ඔහුගේ සිංහල උච්චාරණය රිද්මානුකූල ගීතවත් එකකිග.සංචාරකයකු ලෙස හැමගේම හොද හිත දිනා ගැනීම ඉතා වැදගත් යයි සිතන මා කොන්දොස්තරවරයාටත්, තංගයියාටත්ල  කාන්තටත් නිහතමානී වචන කිහිපයකින් සංග‍්‍රහ කොට ඩෙල්ෆ් දුපතේ ජැටිය වෙතට ගොඩ වුයේ පෙරදා නොදුටු මේ අපුරු රට තොට කදිමට දැන ගැනීමේ අරමුණිනි.
පෙරදා සාකච්ජා කරගත් පරිද්දෙන් අපේ මිතුරා ජැටිය වෙත පැමිණ සිටිනු ඇතැයි විශ්වාස කළද කිසිදා නොදුටු ඔහු කෙසේ හදුනා ගන්නද යන දෙගෙඩියාව ඩෙල්ෆ් වෙත මුල් පියවර තැබීම සමඟ හිත උතුරා පිටාර ගලන්නට වුයේය.
 "දිනේෂ් ගේ යාලූවො ටිකද.........?
එකවරම දෑසට එබුණු ඔහු අපෙන් ඇසු සෘජු පැනය ආගන්තුක බව පළවා හැර සහෘද මිත‍්‍රත්වයක් ගොඩනගා ගැනීමේ පාලමක් වුයේය. මේ ගමන  අර්ථවත් එකක් වන්නේ ඒ පාලම තනාගැනීම සමඟය..
ඇත්තටම ඩෙල්ෆ් අපේ රටට අයත් වෙනත් රටකි.මක් නිසාද යත් විශාල භූමි ප‍්‍රමාණයක් වසා ගන්නා මේ මනරම් දුපතේ වෙනස සුළඟකල ගහකල කොළකල පොළොවේ ගල් කැටයක මෙන්ම මිනිස් හදවතක අභ්‍යන්තරයේද එකලෙසම දැකිය හැකිය. නිරතුරුවම ආගන්තුක සිනාවෙන් පිරී ඉතිරීගිය ඔවුන්ගේ මුහුණු රටකට සැබෑ වාසනාවකි.ගෞරවනීය උරුමයකි.
මේ සංචාරයේ අරමුණද වෙනස් වීමේ උසස් දේ දැකීමයග ජැටියේ සිට දකුණකට හැරී පටු රතුපාර දිගේ අපි ඩෙල්ෆ් දුපතේ සංචාරය අරඹීමු.
තල් රුප්පාවෙන් සෙවණ වු ශුෂ්ක තලාවී තුරුලතාවන්ගෙන් අලංකාර මේ සොදුරු කොදෙව්වේ පිරී පැතිරී ඇති දෑ බොහෝ වන බව මඟපෙන්වන්නාගේ මුලික සාකච්ජාව තුළ අප හදුනාගත් නමුත් සවස් යාමයේ ෆෙරියේ ගමන් වාරය සමඟ අප නැරුඹිය යුතුම ස්ථාන තීරණය කරගනු ලැබුවේද ඔහුගේ මඟපෙන්වීමෙනි. නොදන්නා බිමකට පැමිණි පසු දන්නා අයගේ කීම පිළිපැදීම යෝග්‍ය වන නිසාම අප මුලින්ම ලියලන ගල බලන්නට තීරණය කලෙමු.
දෙවියන්ගේ ආශිර්වාදයත්මත දිනෙන් දින ලියලාමින් පොළොවෙන් උඩට පැමිනෙණ මේ අපුරු හිරිගල නරඹා අපි ඊළඟ පියවර දැවැන්ත වෘක්ෂය නරඹන්නට තැවුවෙමු.  "ඇත්තටම මේකනං මාර ගහක්” යයි කියවෙන තරමට දැවැන්ත වු මේ වෘක්ෂය ලංකාවේ ලොකුම ගසයැයි හදුන්වනු ලැබුවේ  මේ කොදෙව්ව හොදහැටි හදුනන අපේ මඟපෙන්වන්නා විසිනි. එය සත්‍යයි සිතෙන තරමට සුවිශාල වු මේ දැවැන්ත තුරු සිරිය තමන්ගේ අණසක මුළු පළාත පුරාම පතුරුවාලන්නේ දස අත අතුපතර විහිදුවාලමිනි. හයහත් දෙනෙකුට එකවර අත් අල්ලා බැදිය නොහැකි මේ baboo වෘක්ෂය සැබෑම ආශ්චර්යයකි.මේ සුවිසල් රුක් පාමුල විඩා නිවා අප ඊළඟ මොහොතේ යායුතු මාවත සැලසුම් කරනු ලැබුවේ අප ප‍්‍රමාද වුවද දහසක් බලාපොරොත්තු සයුරෙන් එතෙර කරන ෆෙරිය නැවත පිටවන වේලාව සිහිතබා ගනිමිනි.
 අපේ රට යටත් විජිතයක් බවට පත්කරගනිමින් පාලනය කල සමයේ තැනු  "කොටුව” තවමත් ශක්තිමත්ව නටඹුන් වී කියාපාන්නේ මේ දුපතේත් අපේ රටේත් වටිනාකමයිග ඔවුන් මෙතරම් ශක්තිමත් පවුරක් අප රට වට ඉදිකරන්නට හේතු වුයේ මෙතරම් වටිනා අපේ රට ඔවුන්ගේ තවත් අයකු යටත් කරගනිවීයැයි යන බියජනක සිතුවිල්ලට වන්නට ඇත. කොටුව පුරා ඉක්මනින් සැරිසැරූ අප ඊළඟ මොහොතේ වල් අශ්වයන් සොයා වන වැදුනෙමු.


ඉංග්‍රීසි පාලන සමය නිමාවීම සමඟ අපේ රටින් ඉවත් වු ජාතිකයන් ඔවුන් ගමන් බිමන් සඳහා යොදාගත් අශ්වයන් ඩෙල්ෆ් දුපතේ දමා ගිය පසු ඒ අශ්වයින් වන වැදී ක‍්‍රමයෙන් බෝවුණු වල් අශ්වයන් මේ ගමනේදී දැකිය හැක්කේ ‍රැන් වශයෙනි. තැනිතලා තන විල්ලූවේ එහා මෙහා දුවමින් නිදැල්ලේ හැසිරෙන මෙම අශ්වයන් සුපිරි අශ්වයන් සමඟ සසදා බලනවිට වෙනස් ස්වරූපයක් ගනී. පෝනියෙකුට සමාන දේහ ස්වරූපයකට හිමිකම් කියන මේ වල් අශ්වයෝ පෝනියෙකුට වඩා පෘශ්ඨිමත්  හැඩකාරයන්ය. හැඩකාරියන්ය.
අශ්ව රජ දහනෙන් සමුගත් අපි නැවතත් ගම්මානය වෙත පිවිසෙන විට දිවා කාලායේ අවසානයට ලංව තිබුනි. වෙනස්ම ගෘහ නිර්මාණ ශිල්ප කලාවකට උරුමකම් කියන ඩෙල්ෆ් හි නිවාස වල තාප්ප ඉදිකොට ඇති ආකාරය විස්මය දනවන සුළුය. කිසිම බදාමයක් නොයොදා හිරිගල් එක උඩ එක තබා මේ තාප්ප කොන්කී‍‍ට් තරමටම ශක්තිමත්ය. මේ නිර්මාණ ක‍්‍රමවේදය ඉතා සරල වුවත් එහි ඇති විශ්මයජනක බව ඉතා ගැඹුරුය.
මේ තාප්ප වලින් වට වු නිවෙසක ඉදහිට හමුවන මිනිසකු හෝ ගැහැනියකට අප ඉතා ලෙන්ගතු චරිත බවට පත්වෙයි. ඔවුන්ගේ ඉබේ ඇදෙන අව්‍යාජ නිරහංකාර හස‍රැල්ල තුළ ලියැවී ඇති දහසක් පැතුම් පහන් හැගුම් සමුදාය කිසි දිනෙක ලියා කියවා අවසන් කල නොහැකි සංවේදී කාව්‍යයකි. ඒ ලෙන්ගතු බව ලියු කදිම හසුනකි.
මේ නිවෙස් අතරින් දිවෙන හිරිගල් තාප්පවලින් සීමාවු මාර්ගය ඔස්සේ අපි ඊළඟ මොහොතේ ආදම්ගේ අඩිය බලන්නට පැමිණියෙමු. ආදම්ගේ අඩිය ලෙස හදුන්වන අඩියක හැඩය ගත් මේ ගල් නිමැවුම ඉතාමත් සංයමයෙන් නිරීක්ෂණය කරන්නකුට අඩියේ ඇති ඇගිලි පහ හොදින්ම දැකිය හැකිය.
ආදම්ගේ අඩිය නරඹා අප අඩිය තබන්නේ පරෙවි සංදේශයේ කියැවෙන පරෙවි කූඩුව බලන්නටබව පවසන්නේ අපේ මඟපෙන්වන්නාය. සන්නිවේදනය ඉතාමත් ප‍්‍රාථමික අවධියේ සතුන්ගේ මගින් ලිපි ලේඛන හුවමාරු කරගත් අවස්ථා අපේ ඉතිහාසයේ  ඕනෑතරම් හමුවෙයි. පරෙවියකුගේ පාදයේ ගැටගැසු හසුන නිවැරදි ස්ථානයට පරෙවියා විසින් ගෙනයනු බව ඉතිහාසයේ කියැවෙයි. පරෙවි සංදේශයේ දැක්වෙන පරිදි පරෙවියන් ලිපි බාරදී හෝ ලිපි ලබාගැනීමට එක් වන්නේ මේ කුලුණමත බව  මඟපෙන්වන්නා නැවතත් අපට පහදා දෙන්නේ ඉතිහාසය ගැනද සිහිකරමිනි.
කෙසේ වෙතත් මේ පරෙවි කූඩුවෙන් කුටිර කිහිපයකි. විවිධ දිශාවන්ට අයත් පරෙවියන් වෙනුවෙන් වෙන්කරන ලද මේ කුටිර තුළ සිටින පරෙවියන් අවශ්‍ය වු විටෙක හසුන් සමඟ මුදාහරිනු ලැබේ. ගාල්ලට හසුන ලැබීමට නම් හසුන යැවිය යුත්තේ ගාල්ල වෙනුවෙන් වෙන් කළ පරෙවියාගේ පා මත ලිපිය ගැටගැසීමෙනි.මේ අනුව බලනවිට මේ පරෙවි කූඩුව සත්‍යයක්ය යැයි හැගීයන තරමට නිර්මාණශීලි එකකි.
පරෙවි කූඩුව වටා ඉදිකොට ඇති වෙනස්ම වර්ගයේ ගල් බැමි මේ පරිසරයට එක් කරන්නේ ප‍්‍රතාපවත් ගාම්භීර ආලෝකයකි.
මේ චාරිකාව තුළ විදි බොහෝ දේ ලියා තබනවාට වඩා සියැසින්ම දැකගත යුතු අමිල දසුනක් වෙයි. ඩෙල්ෆ් දුපතේ මුහුදු තීරයද එවැනිම වු එකකි. ලවන මුසු මඳ සිහිල් සුළගේ මේ සමුදුරු වෙරලේ හිදීම අසපුවක ජීවිතය ගෙවනවා තරමට නිසසලවු එකකි.
විදි දේ දෑසේ ගතේ හදවතේ පුරවා ගනිමින් දැන් යන්න වේලාව ලගය. තවත් විනාඩි කිහිපයකින් ෆෙරිය නැවත කුරිතඞ්ඩුවාන් දක්වා මන්දගාමී ගමන අරඹනු ඇත. හැන්දෑවට සුදානම් කසාවත් සැරසුනු නිසල අහස මත අළුපැහැ වලාවන් දගකරයන් මවන  පෙම්සිතුවම මහ සයුර මැදදී හරියටම විදින්නට අපට හැකිවනු ඇත.
ආයුබෝවන් ඩෙල්ෆ් ...............
අපි නැවත ෆෙරියට ගොඩවීමුග තංගයියා ද ඇතග ශ‍්‍රී කාන්තද ඇතග අයිස්කී‍‍රම් මාමා සිටින මුත් දැන් අයිස් නැත. මම ඇත. එතැන ඔබ නැත.
ආයෙත් දවසක් යාපනේ ගියොත් නාගදීපයේ ගියොත් සාමයේ අරුණැලි සමඟ හිනැහෙන ඉසුරුපිරි සොදුරු කොදෙව්ව ඩෙල්ෆ්, අමතක කරන්න එපා.
\
  
ඡායාරූප-මාලන් කරුනාරත්න

1 comment:

  1. එල එල මමත් යන්න ඕන වෙලාවක

    ReplyDelete