තමන් නිර්මාණය කළ පළමු චිත්‍රපටයෙන්ම ප්‍රේක්ෂකයාගේ ආදරය දිනා ගැනීමටත් ක්ෂේත්රයේ ඇතැමුන්ගේ විවිධ තාඩන පීඩනවලට ලක්වීමටත් ඔහුට සිදු වුණා. කුඩා කල සිටම කලා පරිසරයක හැදී වැඩුණු නිසාම ඒ සියලු තාඩන පීඩන ඔහුට ගෙන ආවේ අධි ශක්තියක්. බොහෝ තැන්වලදී තමාගේ අදහස් සෘජුව ප්‍රකාශ කරන හෙතෙම විවිධ කෝණ හරහා ප්‍රශ්න දැක දැන ඒවාට විසඳුම් සොයන තරුණ්‍යයේ ජවයෙන් පිරිපුන් චරිතයක්. ඔහු සුරංග ද අල්විස්.මේ දිනවල අති සාර්ථකව තිරගත වන ‘රජ හොරු’ චිත්‍රපටයේ අධ්යක්ෂ සුරංග ද අල්විස් සමඟ සරසවිය කළ සෘජු උණුසුම් කතාබහකි මේ.
සුරංග රජ හොරු තත්ත්වය කොහොමද?
අතිශය සාර්ථකයි. අපේ ක්ෂේත්රයේම රජ හොරු ටික මේ චිත්‍රපටයට දරුණු ප්‍රහාරයක් එල්ල කරමිනුයි ඉන්නේ. මගේ ළඟම හිටපු පිරිස වගේම දිරිගන්වපු පිරිසත් මේ මොහොතේ විවිධ දේවලට යට වෙලා මාව කකුලෙන් ඇදල දාන්න තමයි හදන්නේ. මේ කූට උපක්‍රම කාරයෝ චිත්‍රපටය ගලවන්න තමයි සැලසුම් අඳින්නේ. ඊළඟට එන චිත්‍රපටයට තැන දෙනවා කියලා තමයි මේ කටයුතු පටන් ගත්තේ.රජ හොරු |
මේ චිත්‍රපටය ගලවන්න රටේ නැති දේවල් කරනවා. 6.30 දර්ශනයට 6.00 ට දොරවල් වහනවා. ප්‍රේක්ෂකයන්ගේ නැරඹීමේ වාර්තා අඩු කරලා මේක ගලවන්න දඟලනවා මිසක් ඇතැම් දෙනාට තමන්ගේ දෛනික කටයුතු පවා අමතක වෙලා.
සමහරු උදේ නැගිටලා දත් මදින්නත් ඉස්සර වෙලා හෝල්වලට කෝල් කරලා අහන්නේ ‘රජ හොරු’ කොහොමද කියලා. එක්කෝ මේ දැවැන්තයන් කියා ගන්නා පිරිස මට බයයි. නැතිනං මගේ නිර්මාණවලට බයයි.
හයයි තිහ චිත්‍රපටය පටන් ගන්න හොල් එක හයට වහනව කියලා ඔබ දන්නේ කොහොමද?
හැම ෆිල්ම් හෝල් එකක් ළඟම ලොතරැයි අලෙවි කරන කෙනෙක් ඉන්නවා. අපි ඔවුන්ට මේ කටයුත්තට ගාණක් ගෙවලා තියාගෙනයි ඉන්නේ. කවුරු හරි බලන්න ආවම ආයේ හැරිලා ගියොත් ඒ පිරිස අපට කියනවා.මේ ගැන පැමිණිලි කරන්න පුළුවන්නේ?
ඔව්. මම පැමිණිලි කරලා තියෙනවා. ජාතික චිත්‍රපට සංස්ථාවේ බෙදා හැරීමේ ප්‍රධාන චන්දන මහත්මයාට මේ ගැන මම වාචිකව පැමිණිලි කරලා තිබෙනවා.මේ චිත්‍රපටය ෂෝට කට් ආවා නේද?
ඇත්තටම ආවේ ෂෝට කට් තමයි. මගේ චිත්‍රපටය දරශන වාර හතරක් පෙන්නුවා. මාධ්‍ය දර්ශන දෙකක් තිබ්බා. විශේෂ දර්ශන වාරයකදී ජාතික චිත්‍රපට සංස්ථාව තීරණය කළා ඔවුන්ගේ සිනමා ශාලාවල රජ හොරු ප්‍රදර්ශනය කරන්න. ඒකයි වෙව්ච සිද්ධිය.
ඒ මණ්ඩලයේ ක්‍රියාවලිය ගැන තෘප්තිමත්ද?
ඇත්තෙන්ම තෘප්තිමත් නැහැ.පළමු දින කිහිපය තුළ ඔබේ නිර්මාණයට එතරම් පේ්රක්ෂක ආකර්ශණයක් තිබුණේ නෑ නේද?
රජ හොරු |
ප්‍රවීණ අය ඔබට මෙතරම් අකැමැති?
සුරංග ද අල්විස් |
මෙහෙමයි මං ගෙවල්, කාර් ඉඩම් උකස් කරලා චිත්‍රපට කරන්න ආවේ නැහැ. අනෙක මං පොලියට සල්ලි අරන් චිත්‍රපට කරන්නෙත් නැහැ. ඒ වගේම තමයි දෙකයි පනහෙ කොම්පැණි එක්ක මගේ ඩීල් නැහැ. ඒ නිසා මාව වට්ටන්න ටිකක් අමාරුයි.
මේ චිත්‍රපටයට ඔබ රන්ජන්, බුද්ධික වගේම අර්ජුන සම්බන්ධ කර ගන්නවා?
ඔව්. ඔවුන් තිදෙනාම එකට සම්බන්ධ කර ගන්නට මට හැකි වුණා. රන්ජන් විකුණන්න පුළුවන් තරුවක්. ඒ වගේම බුද්ධික, අර්ජුන් මේ ලංකාවේ ප්‍රේක්ෂකයා හොඳටම දන්නා හඳුනන චරිත.ඉදිරියේදී මොනවද සැලසුම්?
අපිත් සූරයෝ චිත්‍රපටය තමයි ඊළඟට තියෙන්නේ. නමුත් එහි වැඩ කටයුතුවලට දැන් මට සම්බන්ධ වෙන්නට බැහැ. ඒ නිසා 26 වැනිදා බුද්ධික චිත්‍රපටයේ කටයුතුª අරඹනවා. තිෂුල දීප තඹවිට තමයි කැමරා අධ්‍යක්ෂණය කරන්නේ. මේ ටීම් වර්ක් එකක් විදියට කරමු කියලා තමයි සැලසුම කළේ. මට රජ හොරු අතාරින්න බැහැ. මං අතෑරියොත් ෆීල්ඩ් එකේ රජ හොරු මේකට ගේම දේවි.පසුගිය කාලයේ පැරැණි ගීත නව්‍යකරණ්‍ය කිරීම ගැන ඔබට චෝදනාවක් එල්ල වුණා?
චෝදනා කළේ නොදන්න අය. මේ තත්ත්වය ගැන කිසිම දෙයක් නොදන්න පිරිස අපි ගීත විකුණනවා කිය කියා පාරක් පාරක් ගාණේ කිය කිය ගියා. ඒ වුණාට ඒ කවුරුත් අපි ජීවත් වුණා ද මලා ද බැලුවේ නැහැ. කෙටියෙන්ම කිව්වොත් අපේ බුද්ධිමය දේපල අපි භාවිත කළා. උදාහරණයක් විදියට දිය කිඳුරිය සේ ගීතය ජනප්‍රිය වුණේ අලුත් තරු ගීතය ගැයුවට පස්සේ. අනෙක් ගීත අපි රී මේක් කරලා බිස්නස් එකක් කළා.මෙහෙම හිතන්නකෝ, අපේ තාත්තා හදපු ගීත, ඒ වගේම ඔය රී මේක් කරපු ගීත ගායකයෝ ප්‍රසංගවල කියලා, විදේශ රටවල ප්‍රසංගවලට ගිහිල්ලා කැසට් කරලා බණට, දානෙට, මඟුªලට, පිරිතට, අවුරුදු උත්සවේට කියලා කීයක් හම්බ කළාද. ඒ්ත් අපිට සතයක්වත් දුන්නද? මේ කිසිම දෙයක් ගැන හොයලා බලපු නැති උදවිය බොරුවට දැන් කෑගහනවා. මං ඕවට බය නැහැ. මොකද අපිත් ජීවත්වෙන්න ඕනෑ.
රජ හොරු |
No comments:
Post a Comment