Monday, December 30, 2013

දුටුවම සිරි අසිරි මේ මහ පැලැස්සේ - කාගේ වුණත් සුන්දර සිත තිගැස්සේ



ඇඹිලිපිටියේ සිට නෝනාගම පාරේ පදලංගලින් හැරී සූරියවැව දෙසට යන මාර්ගයේ දී හමුවන සුන්දර කෙත්වතු දෙසබලමින් ඒ කෙත් වතුවල අසිරියවිදින්නට ඔබ අනිවාර්යයෙන් ම කාලය වෙන්කල යුතුම වන්නේය. දෑස්මානයේ ගිරානිලෙන් බබලන වගායාය පිස මහන සශී‍්‍රක සුළං ඇබින්දෙන් ඔබේ පෙණහළු පුරවා ගිනිමින්මේ ගමන ඇරඹීම ඔබට ආශ්වාදයකි. මඟ දිගට  හමුවන කුඩාවැව්, දියකඳුරු, කඩමණ්ඩි,  ඕවිටිමෙන් ම බඩ වැටිද කොසු මෙන්ම ලී පාලම් ද පරෙස්සමෙන් තරණය කොට ඔබ මහපැලැස්සට ළගාවිය යුතුය.


පැලැස්ස යනු වනාන්තරයෙන් වටවු එළිමහන් තැනිතලාවකි. සැබෑවටම මේ මහපැලැස්ස ද හතර දිගින් සශී‍්‍රක වනාන්තරයෙන් වටවු විශාල තැනිතලා බිමකි. මහපැලැස්ස ගම්මානයට පිවිසෙන ඔබට අනිවාර්යයෙන්ම ගැමියෙකු ගේ නිරහංකාර සිනහ සංග‍්‍රහයක් ලැබෙනවා නියතය. පිළිගන්න. ඒ ඔබ පිලිගැනීමට ඔවුන්පෑ දයාවයි.

උණුදියපොකුණ

මහපැලැස්ස  ගම්මානයකෘෂි ආර්ථිකය මුලිකකොටගත් සුන්දර නොකිලිටි බොහෝදෑ උගත හැකි නිමල ගම්මානයකි.ඉතිහාසයේ කතා අනුවත් භූගෝලීය වශයෙනුත් ඉතා වැදගත් මහපැලැස්ස ගම්මානයේ පිවිසුමෙහි හමුවන උණුදියපොකුණ මේ ගම්මානයට අමිල ආලෝකයකි. මඳුනාගල උණුදියබුබුළු ලෙස හදුන්වන මෙම අසිරිමත් උණුපැන්පොකුණ පරිසරය මෙන්ම ජීවිතයේ සිහිල විදින්නකුට ගිමන් හලකි. මහපැලැස්ස සහ මදුනාගල යනු එකමයායේ ගම්මානද්විත්වයකි. එදා මහපැලැස්ස ලෙසව්‍යවහාර වු මේසුන්දර ගම්මානය අද බොහෝ තැන්වල හදුන්වනු ලබන්නේ මදුනාගල නමිනි.



මදුනාගල  මහපැලැස්ස සංචාරක බංගලාව වෙන්කරවා ගත් ඔබට ජීවිතයේ කවදාවත් නොවිදි වින්දනීය අරුත්බර දිනයක්හෝ දෙකක් මේ ගම්මානයේ ගෙවා දැමීමට ඉඩ ලැබෙනු ඇත. උණුදිය පොකුණට ඉතාමත් යාබද මේ අසිරිමත් සංචාරක නිවහනේ සිට ජීවිතයට එක්කරගත හැකි දේබොහෝය.

උණුදිය බුබුලේ සිහිලස විදිමින් ගැමි ආරක බතක් පින්නක් රසබලමින් නැවුම් එළවළුවක පළතුරක රසබලමින් ජීවිතය විදින්නට ගැමිකම දකින්නට මේ පින්බිම කදිම තෝතැන්නකි.

අපේ රටේ උණුදිය උල්පත් අතර ඉහලින් ම වැජඹෙන මදුනාගල උණුදිය උල්පතෙහි ඓතිහාසික වටිනාකම ඉතා  ඉහළ අගයක්  ගනී. මදුනාගල සහ තරඹගල  නම් ඝර්ම කලාපීය වනාන්තර ද්විත්වයට යාබදව පිහිටා ඇති මෙම උණු දිය පොකුණ දකුනේ පිහිටි එකම උණු දිය උල්පත ද වෙයි,මහඔය, කින්නියා, රන්තිරිය, බොරවැව, මහව, වැනිඋණුදියඋල්පත්අතර මදුනාගල, ජනපි‍්‍රයත්වයෙන්දෙවැනිවන් නේ කින්නියා උණුදිය පොකුණු වලට පමණි.

ඓතිහාසික කතාන්දර කිහිපයකට ම පදනම වන මදුනාගල උනුදිය උල්පත ලෙනාඞ් වුල්ෆ්  විසින් 1910 දී නිරීක්‍ෂණයට  ලක් කොට  තිබේ. මදුනාගලට යාබදව  කරඩුලෙන ආරණ්‍යයේ එකල වැඩ සිටි චිත්ත ගුත්ත මහරහතන්වහන්සේ ට තදබල පීඩා ගෙනෙන චර්මරෝගයක් වැළදුනබවත් ඒ රෝගය සියලූ වෙදහෙදකම් හමුවේ සුවපත්නොවු බවත්මේ අතරතුර උන් වහන්සේට මේ උණුදියබුබුල සිහිනයෙන් පෙනී උණු දිය ස්නානය සමඟ චර්ම රෝගය සුව අතට හැරුණු බවත් ජන කතා වහරේ නිරතුරුවම අසා ගැනීමට මහපැලැස්සේ පැරුන්නන්  ඕනෑ තරම්ය.

මෙම උණුදිය පොකුණ එකල වනාන්තර ගත සමයේ අලි  ඇතුන් ගේ පි‍්‍රය මනාපම ස්ථානයක් බවද ගැමියෝ සමඟ කතාබහක දී  අනිවාර්යයෙන්ම  ඔබට ඇසිය හැකිවනවා නියතය. දැනුදු මහපැලැස්ස අලින් ගේ බිමකි. අනපේක්‍ෂිත  රාති‍්‍රයක  ගම්  වදින අලි  රැුළ නැවත පිට මං වන්නේ ගැමියන්ගේ සිහන රැුසකට ප‍්‍රහාර එල්ල කරලමිනි. බියනොවන්න. පරිසරයට ආදරය කරන ඔබට ඔවුන් ගෙන් කිසිදු අතුරක් ආන්තරාවක් නොවනා වග ඒකාන්තයි.

අප කතාකරමින් උන්නේඋණු දිය පොකුණ පිළිබඳය. උණු දිය පොකුනේ අමිල දියබිඳක් ඇඟලා ගැනීම මා දකින්නේ පුරුවේ  පුන්‍ය කර්මයක්  ලෙසිනි.  මේ දිය අපේ ගත මත ගැටෙද් දී  සිත ක‍්‍රමාණුකූලව නිදහස්වන චමත්කාර ජනක හැගීම ඔබද අත් විදිය යුතුමය. විශාල  බුබුළකින් අඩි දහස් ගණනක පොලෝ ගැබේ සිට උපන් ජලය ඉන් අනතුරුව ටැංකිකිහිපයකට බෙදෙයි. විවිධ උෂ්ණත්වමට්ටම් දරණ මෙම ටැංකි සියල්ලෙන් ම ඔබ වතුර ඇඟලා ගත යුතුමය.

උණු දිය ස්නානය බොහෝ රෝගවලට අත් දුටු ඔසුවක් බව පැරණි මතයකි. බොහෝ කල්  ගතවු චර්ම රෝග සඳහා උණු දිය බුබුලෙන්ප‍්‍රථිකාර ලබා සුව වු පිරිස් වාර්ෂිකව මෙම බිමට පැමිණ ඓශ්චර්යයේ බිම්කඩ දැකබලා ගැනීමට අමතක නොකරති. උණුදිය බුබුලේ ජල පහස විදිමින් ඒ බිම ආශී‍්‍රතව ඉදිකොට තිබෙන කුරුළු සහ මත්ස්‍ය උයන නරඹමින්කඩමණ්ඩියට පැමිණෙන ඔබට මෙදේරිකැඳක,  කුරුක්කන් තලපයක මෙන් ම බෙලිමල්වීදුරුවක රසබැලීමට අවස්ථාවඋදාවෙයි. එමෙන් ම අලූත් ම අලූත් ගස්ලබුගෙඩියක අඹයක හෝ දෙළුම්බෑවක ඉතිරෙන රසය විදගන්නට ඔබ කඩ මණ්ඩියේ පිටපළු ලෑල්ලක ඈදිගත යුතුමය.

උණුදිය උල්පතේ අසිරිමත් රසය විදගත් ඔබ සීතල දියඋල්පත නැරඹීම ද අනිවාර්ය වෙයි. මදුනාගල උණුදිය උල්පත නරඹන්නට පැමිණෙන්නන්හට අතපසුවන සීතල  දියපොකුණ  උණුදියබුබුළ ජනනය කරනු ලබන ජලයට සාපේක්‍ෂව සීතල දිය උපදවයි. සෙල්මුවා අලියකුගේ මුවෙන් දිය ගලා හැලෙන මේ සීතල දියපොකුනේ සීතල දියෙන් මුවදොවා  ගන්නට ද ඔබට දැන් වරම්  ලැබේ.

ගැමි සුවදින් උතුරා පිටාර ගලන මේ ගම්මානය තුළ හමුවන සෑම සංචාරකයකුට ආගන්තුක අත්දැකීමකි. වගා කුඹුරු සතා සීපාවා ගෙන් ආරක්‍ෂාකරගැනීමට මේ ගොවි ගැමියන් විසින් ඉදිකොට ඇති උඩපැල පරිසර නිරීක්‍ෂකයකු ට කදිම නවාතැන් පොලකි. විශාල ගස්කදන්යොදා ගනිමින් හෝ විශාල  පිහිටි ගසක් ආධාරකය ලෙස ගෙන තනනු ලබන මේ උඩපැල  තුළ පහසුවෙන් හතරපස්දෙනෙකුට රාති‍්‍රය ගත කිරීමේපහසුකම්  සපිරේ.
අලිපුංචිමාමා

රාතී‍්‍ර  කාලය මහපැලැස්ස බංගලාවෙහි  ගතකරන්නකුට  සුළඟ  සමඟ උස්පහත්වන කවි ගායනා  හූ  හඩවල්මෙන්ම පිළිතුරු  කවි ඇසෙන්නේ මෙවැනි උඩපැලක හිද තමාගේගොවි බිමරකින ගොවියෙකුගෙනි. මහපැලැස්ස බංගලාවෙහි රාති‍්‍රයක්හෝ දෙකක් ගත කරන්නෙකුට ගැමිපරිසරයේ ගතවන මිහිරි සුවපහසුව අත් විදීමටවරම් ලැබෙයි.


මහපැලැස්සබංගලාව

හතරවට  ගුරු පාරින් වට වු මේබංගලාවෙහි එකවර සුවපහසුව දොළොස්දෙනෙකුට ලැගුම්ගත හැකිය. බංගලාවෙහි  ගතවන රාති‍්‍රය තවත් අර්ථවත් රසවත්වන්නේබංගලාවේ රාතී‍්‍ර මුරකරු අලිපුංචිමාමා ගේ කතාන්දර සමඟය. බැද්දේදී ‘මොලකන්නා’නම් තනි අලියා මුහුණට මුලිච්චිවු ආකාරයත් අලියාගෙන් බේරීපලාආ කතාවත් අපට නම් කි‍්‍රයාදාම  චිත‍්‍රපටයක එනමනංකල්පිත කතාන්දරයක්බදුය. රාතී‍්‍ර අදුරමකාලන්නට විදුලිපහන් සිළු දැල්වුණ ද අපටඅවශ්‍යවුයේ පන්දම් එළියකට වී බංගලාව ඉදිරියේ බටකොලින් සෙවණ වු අට්ටාලයේ පැයක් දෙකක්  ගත  කිරීමටය . ඒ ඉල්ලීම අපට අවශ්‍යම වු පරිදි ඉටුකරදුන්නේ  බංගලාවේ බාරකරු රංසකවිසිනි. රංසක ආගන්තුකයන් ට  ඉහළසතකාර ලබාදීමට වෙහෙසෙන කී‍්‍රයාශීලි ගැමි තරුණයෙකි.

මේබංගලාවේ දිනයක් හෝදෙකක් ගත කරන්නකුට ඬේමන් ගේ කෑම වේල් කිහිපයක රසබැලීමේ දුලබ වරම හිමිවෙයි. ඬේමන්අයියා ගැමි ආහාර පිළියෙල  කිරීමේ මෙන්ම බටහිර ආහාර පිළිබඳ  ද  ප‍්‍රවීණයෙකි. පොල්සම්බෝලයක්,  වැව්මාළුවක් , මිරිස්බැදුම මෙන්ම තෝරමැල්ලූමක් ඬේමන්අයියාටඉතාහුරුය. එපරිදිම වත්ත  වටාදුව ගොස්කෙසෙල්මුවයක්, කතුරු මුරුංගා මල් කිහිපයක් හෝ මුරුංගා කරලක් කඩා ඬේමන් අයියා සංචාරකයන් ට  ඉහළ සත්කාරයක් ලබා දීමට නිතර වෙහෙසෙයි. රාති‍්‍රයට චීනකෑමක් ඇනවුම්කල ද ඬේමන්අයියා ඊට  ද සුදානම්ශරිරයෙනි. සැබෑවටම නිදහස්  සුන්දර දවසක් ගත කිරීමට ඔහු අපට ඉඩ ලබාදෙන්නේ හදවතිනි.

මහපැලැස්ස හොඳ  සංචාරකස්ථානයක් වන්නේ මේනිදහසහේතුකොට  ගනිමිනි. උණුදියබුබුළු, සීතල දියබුබුළු, කරඩුලෙන, මදුනාගල ආරණ්‍යරිදීගම වැව මෙන් ම ඉදිවෙමින් පවතින  සෆාරිඋද්‍යානය ද දැකබලා ගැනීමේ අවස්ථාව මහ පැලැස්සට පැමිණෙන සංචාරකයකුට නිතැතින් මහිමිවෙයි.

දකුණු පලාත් සභාවට  අනුබද්ධිත රුහුණුසංචාරක කාර්යාංශය යටතේ පවත්වාගෙනයනු ලබන මෙම බංගලාවෙහි දිනක් ගත කරන්නට ඔබටත් අවශ්‍යනම් 0912224072 අංකයෙන් ඒ අවශ්‍යතාවඉටකර ගැනීමට හැකියාව පවතියි.


ඔබත්එන්න ......

මේ  සොදුරු  සුවබර  ගම්මානයට

ලියන්නට බැරි දකින්නට රිසි බොහෝදේ අනිවාර්යයෙන් ම තිබෙනවා එතැන ....




.

6 comments:

  1. වටින විස්තරයක් අයියේ.අපි දකුණෙ තමයි,ඉතිං අපිට හරි ආඩම්බරයි.

    මදුනාගල අහසේ දග කරනා තරු ගනින්න..
    උණුදිය පොකුණ ලගදි හැන්දෑවට මුනගැහෙන්න.....

    ReplyDelete
    Replies
    1. බොහෝමිහිරි දේ අනිවාර්යයෙන් ම තිබෙනවා එතැන ....

      Delete
  2. නියමයිනේ.. මේකනම් දැන ගත්ත එක සෑහෙන්න වටිනවා..

    ReplyDelete
  3. මගේ බ්ලොගයට අදහස් දැක්වීමමට ශක්තියක්.බොහොම ස්තූතියි ඔබට

    ReplyDelete
  4. Kanchana PriyakanthaApril 8, 2014 at 1:40 AM

    සෑහෙන්න වටින ලිපියක්

    ReplyDelete
  5. මදුනාගල උණුදිය උල්පත් ගැන අප්‍රසන්න අත්දැකීම් ඇතුලත් ලිපියක් 2013 /02/24 දිවයින පත්‍රයේ පළවුනා. (එය මදුනාගල යැයි google search වල සෙව්වාම ලැබෙන - මදුනාගල උණු දිය උල්පත් උණු කරයි අපේ හදවත් - යන ලිපිය)නමුත් ඒ තත්වයට පසුව දැන් එය දකුණු පලාත් රුහුණු සංචාරක කාර්යාංශය විසින් දියුණු කර ඇති බවයි පේන්නේ. මේ ඔබගේ ලිපියෙන් වර්තමාන දියුණු තත්ත්වය කදිමට විදහා දැක්වෙනවා. මම අනිවාර්යනේම මෙතැනට යනවා. වටිනා පසුබිම් කරුණු රැසක් අපට ඉදිරිපත් කලාට ස්තුතියි.

    ReplyDelete