Friday, December 27, 2013

ටෙලි කලාව එල්ලා මරාදමයි





                         ටෙලි කලාව එල්ලා මරාදමයි





1925 ඔක්තෝම්බර් 02 වැනිදා ස්කොට්ලන්ත ජාතික ජෝන් ලෝගි බෙයාර්ඞ් දුෂ්කර පර්යේෂණ රැුසක අවසන තැනෙක ඇති රුවන් තවත් තැනෙක පෙන්විය හැකි අරුම පුදුම නිමැවුම සාර්ථක කර ගත්තේය. දුර දැකීමට හැකි උපකරණයක් වු හෙයින් ගී‍්‍රක වචන ද්විත්වයත් එක්කොට මෙම අනගි නිමැවුම ටෙලි විඞීයෝ ලෙස නම් දෙන ලදී. මේ ටෙලි වීඩියෝ පසුව ටෙලි විෂන් බවට පත්ව ලොවපුරා ක්ෂණිකව ප‍්‍රචලිතවීම ඇරුඹිණි. මින් තැනෙක සිටින අයෙකුගේ රුව තවත් දුර තැනෙකින් එලෙසම දකින්නට ලැබීම ආශ්චර්යයක් ලෙස බොහෝ දෙනා එදා කල්පනා කරන්නට ඇත.

මෙසේ ලොව පුරා ඉතාමත් සීඝ‍්‍රයෙන් ප‍්‍රකට වු ටෙලිවිෂනය ,රූපවාහිනිය, වී අපේ රටට පැමිනෙන්නේ 1979 අපේ‍්‍රල් මස 13 වැනිදාය. ශාන් වික‍්‍රමසිංහ, අනිල් විජේවර්ධන සහ වොබී කි‍්‍රස්ටි යන තුන් කමිටුව රජයෙන් ලද අනුග‍්‍රාහකත්වයෙන් කොළඹට පමණක් සීමා වු රූපවාහිනී නාලිකාව අරඹන ලදී. ස්වාධීන රූපවාහිනී සේවය ලෙස නම් කල මේ ෙඓතිහාසික රූපවාහිනී නාලිකාව අපේ රටේ මිනිසුන්ගේ චින්තනයට අලූත් අරුනැල්ලක් එක් කරමින් දිනෙන් දින දියුණුවට පත් වුයේය. 1982 පෙබරවාරි 15 දා ජාතික රූපවාහිනිය ඇරුඹීමත් සමඟ රූපවාහිනිය නැතහොත් ගෙදර රූප පෙට්ටිය අපේ රටේ අස්සක් මුල්ලක් නෑර ප‍්‍රකට වන්නට පටන් ගත්තේය. අගනුවර සුපිරි ධනවත් පන්තිය තම නිවසේ රූපවාහිනිය නරඹද්දී ඈත එපිට දුෂ්කර ගම්මානවල ජනතාව පෙට්ටියෙන් රූප නරඹන්නට සැතපුම් ගනන් පා ගමනින් ගොස් රූපවාහිනියකට හිමිකම් කියු නිවෙසකට රොක් වු යුගයක් අපේ රටේ එකල තිබුනි.


දිනෙන් දින රූපවාහිනිය වටා එක්වු ජනතාවට අර්ථාන්විත රසවින්දනයක් මෙන්ම රසවින්දනයට එක්වු දැනුමත් ක‍්‍රමානුකූලව ලබාදීමේ අරමුුණින් එකල රූපවාහිනී නාලිකා ද්විත්වයේම පාලනාධිකාරීන් විවිධ වැඩසටහන් සැලසුම් කලේය.

මේ අතර ප‍්‍රසිද්ධ වේදිකා නාට්‍යය පටිගත කොට රූපවාහිනී නාලිකාවල පෙන්වීම අරඹන ලදී. 1982-19803 වසරවලදී වේදිකා නාට්‍ය 17ක් රූපවාහිනිය ඔස්සේ පේ‍්‍රක්ෂකයාට       කරවා තිබුණි.

මෙසේ කලක් ගතවිම සමඟ විදේශ නාලිකා වල වැඩසටහන් වෙත අවධානය යොමුකල අපේ නිර්මාණ කරුවන් විදෙස් රටවල මෙන් රූපවාහිනී නාට්‍ය නිපදවීම යෝග්‍යයයි සිතන්නට පෙළඹුනේය. එවකට රූපවාහිනියේ නාට්‍ය අංශයේ ප‍්‍රධානියා වු ධම්ම ජාගොඩ මෙම නිර්මාණයන්ට ටෙලි නාට්‍ය යන නම දෙන ලදී.

1982 දී ඞී.බී. සුරනිමල ගේ ,සඳමාලිගේ කතාව, රූපවාහිනිය සඳහාම නිර්මාණය වු ප‍්‍රථම ඒකාංගික නාට්‍ය වන්නේය. එතැනින් ඇරඹි ගමනේදී ඒකාංගික, ප‍්‍රාසාංගික, කතාංග, අර්ධ වෘත්තාන්ත, විශේෂ පනිවුඩ යන්න ටෙලිනාට්‍ය ලෙස වර්ගීකරණය වෙමින් නාට්‍ය බිහිවීම ඇරඹුනේය.

1982 දෙසැම්බර් 04 වැනිදා ජාතික රූපවාහිනියේ විකාශය වු ,සෝමාගේ සිහිනය, ටෙලිනාට්‍ය වයස කතාවෙන් පළමු ප‍්‍රාසාංගික ටෙලි නාට්‍ය ලෙසට ඉතිහාස ගතවුවද බොහෝ දෙනෙකු පිලිගනු ලබන්නේ අපේ රටේ ප‍්‍රථම ප‍්‍රාසාංගික ටෙලිනාට්‍ය දිමුතුමුතු ලෙසටය.

කොටස් දෙකකින් නිමාවට පත්වු ,සෝමාගේ සිහිනය, අපේ නාට්‍ය වංශයේත් පළමු නාට්‍ය වුවද අඛන්ඩව කොටස් 26 ක් මාස 6ක් තිස්සේ විකාශනය වු දිමුතුමුතු ලාංකීය පේ‍්‍රක්ෂක හිත් උඩුයටිකුරු කරවමින් ලාංකීය රසිකයා රූපවාහිනිය ඉදිරියේ භාවනායෝගියෙකු බවට පත්කරන්නට යටත් වුයේය.

1983 ජනවාරි 19 වැනි දින විකාශනය වු දිමුතුමුතු ධර්ම ශී‍්‍ර මුණසිංහයන්ගේ පිටපතකට අනුව අධ්‍යක්ෂණය කරනු ලැබුවේ එවකට රූපවාහිනී වෙළෙඳ දැන්වීම් ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණ අධ්‍යක්ෂකවරයෙක්ද වු ඞී.බී. නිහාල්සිංහයන් විසිනි.

හැකියාවෙන් පිරිපුන් නළු නිළියන් දායක කරගැනීම හරහා නන්දා, ජයසේන පුංචි තිරයේ ජීවමාන කරමින් ගම - නගරය - සංවර්ධනය වැනි තේමා ඉතාමත් සරලව කතාව වටා ලක් කරමින් ඇරඹි දිමුතුමුතු හරහා අපේ රටේ පේ‍්‍රක්ෂකයන් ටෙලිනාට්‍යයට පේ‍්‍රම කරන්නට පටන් ගත්තේය.
මේ පේ‍්‍රමණීය ඉල්ලීම සපුරාලනු වන් පරාක‍්‍රම නිරිඇල්ලයන් දයා අල්විස්ගේ ලාහිරු දහසක් පිටපත ජීවමාන කළේය. දිමුතුමුතු හි හමුවු දේවිකා මිහිරාණි, අමරසිරි කලංසුරිය, ශාපනිලේඛා, අනුර මැදගොඩ, චන්ද්‍රා කළුආරච්චි, ධර්ම ශී‍්‍ර මුණසිංහ, රූපා ගෝමස්, චිත‍්‍රා වාකිෂ්ඨ, දයානන්ද ජයවර්ධන වෙනුවට ලාහිරු දහසක් හි හමුවුයේ දෙනවක හාමිනේ, ජයරත්න රූපසිංහ, රෝහන සමරවීම, සිරිල් වික‍්‍රමගේ, අමිත්ත වීරසිංහ, දයා අල්විස් සහ බද්‍රා නන්දනී වැනි නළු නිලියන්ය.

මේ සන්සිද්ධීන් හරහා රූපවාහිනී පේ‍්‍රක්ෂකයා තව තවත් ටෙලි නාට්‍යයට ආදරය කරන්නට පටන් ගත්තේය.

ඒ නිසාම පේ‍්‍රක්ෂකයා තදින් ඉල්ලාසිටි අර්ථපුර්ණ ටෙලිනාට්‍ය සපයන්නට රූපවාහිනිය කටයුතු සංවිධානය කළේය. රන් කහවනු, එකමවකගේ දරුවෝ, පළිඟු මැණිකේ, රවන්ය ඇත්තෝ වැනි නාට්‍ය රූපවාහිනිය සපයනු අතර 1985 අගෝස්තු 14 දින ස්වාධීන රූපවාහිනී සේවයද වජිරා ටෙලිනාට්‍ය විකාශය කරමින් ටෙලි නාට්‍ය විකාශනය ඇරුඹුවේය.

මෙසේ පැමිණි ටෙලි නාට්‍ය ගමනේදී යශෝරාවය ප‍්‍රබල සංධිස්ථානයක් වන්නේ අපේ රටේ රූපවාහිනිය ඉදිරියේ බලා උන් මධ්‍යම පාන්තික සමාජය දෙස තියුණු මනසකින් එය බැලීම නිසාමය. යශෝරාවය නවකතාව ඇසුරෙන් පරාක‍්‍රම නිරිඇල්ලයන් එනමින්ම නිර්මාණය කල මෙම නිර්මාණය තවත් අලූත් පේ‍්‍රක්ෂක සමුහයක් රූපවාහිනිය ඉදිරියේ ඉන්දවීමට සමත්වුනේය.

ඒ ප‍්‍රතිචාරය කෙසේද කියතොත් යශෝරාවය - 02 ද නිර්මාණය කරවීමට තරයේ ඒ පේ‍්‍රක්ෂක ඉල්ලීම ප‍්‍රබලත්වයට පත්ව තිබුණි. මෙසේ පැමිණි ගමනේදී කුමාරිහාමි , බුමුතුරුණු , චාරුලතා අත්ත බිදෙයි , සුභප‍්‍රාර්ථනා , ගඟුලෙන් එගොඩට , මායාමන්දිර , ඇල්ල ලඟ වලව්ව , දොලොස් මහේ ගංගාව , සැලලිසරා ගම්මානය පේ‍්‍රක්ෂක සිත දෙසට ටෙලි නාට්‍ය වුයේය.

මේ අතර සටන් තැන්න, රේල්පීලි, චාරුලතා, ඉරට හඩන මල්, පොද වැස්ස, ගමන, සුදු පරෙවියෝ වැනි ටෙලිනාට්‍ය යොමු පේ‍්‍රමය ගැන             කතාවන තරමින් තරුණ පිරිස් රූපවාහිනිය ඉදිරියේ පේ‍්‍රමවන්තයන් පේ‍්‍රමවන්තියන් බවට පත් කලේය.

මේ වන විට විවිධ තරාතිරමේ වයස් මට්ටමේ සිතුවිලි ඇසුරින් හදුනාගෙන නාට්‍ය නිර්මාණයට නිර්මාණකරුවන් විවිධ අභ්‍යාසයන්හි යෙදුනේය. තමන්ගේ ජනපි‍්‍රයත්වය රදවා ගනිමින් පේ‍්‍රක්ෂකයාට අර්ථාන්විත නිර්මාණයක් තිලිණ කරලන්නට ඔවුන් වෙහෙසුනේය. මේ අතර ටී.බී. ඉලන්ගකෝන්ගේ අඹ යහළුවෝ නම් අතිශය ජනපි‍්‍රය ළමා කතාව පදනම් කරගනිමින් සුදත් දේවප‍්‍රිය අඹයහළුවෝ අධ්‍යක්ෂණය කලේ දරුවන් රුපවාහිනිය ඉදිරියට ගෙනෙමිනි. මෙලෙස විවිධ තරාතිරම් වල වයස් මට්ටම්වල සිතිවිලි හරිහැටි තේරුම් ගනිමින් ඒ සිතුවිලි ස්වර්ශ කරන්නට නිර්මාණකරුවන් දිනෙන් දින උත්සුක වුයේය.

පසුව සංස්ථාවට සියලූ වැඩ පසෙකලා රූපවාහිනිය ඉදිරියට ගෙනෙමින් නාලන් මෙන්ඩිස්ගේ 1990 වසරේ නිර්මාණය කල දු දරුවෝ ඉහල ජනපි‍්‍රයත්වයට පත්විය. කොටස් 230 කින් සමන්විත වු දු දරුවෝ දිනෙන් දින වර්ධනය වෙමින්                    කරමින් අග මුල රසිකයාට දැනෙමින් නිමාව දුටුවේය.

මේ අතරතුර හිරුට මුවාවෙන්, අතිශය ජනපි‍්‍රයත්වයක් ලබමින් විකාශනය වු අතර ජයන්ත චන්ද්‍රසේනගේ වෙදහාමිනේ වෙනස්ම ආරක් සමඟ පේ‍්‍රක්ෂකයා ඇඳ බැඳ තබා ගන්නට සමත් වුයේය.

කන්දේ ගෙදර, චරිත තුනක්, ඉරපායා, රුපියල්ශත වැනි ටෙලි නාට්‍යය පේ‍්‍රක්ෂකයා නොකඩවා පුංචි තිරය ඉදිරියේ රදවා ගැනීමට සමත්වුයේ ඒවාහි වු අර්ථාන්විත වින්දනාත්මක ගුණයයි. දු දරුවෝ කොටස් 230 විකාශනය වුවද ඒ ඒ චරිත සහ කතාව තවමත් අපට කටපාඩමින් කිවහැක්කේ මේ නිර්මාණශීලි සැලසුම්සහගත ක‍්‍රමවේදය නිසාමය.

මෙසේ ඉතාමත් සංයමයෙන් වේගවත්ව පැමිණි ටෙලි නාට්‍ය ගමනේදී ගංගා සහ නිශ්ශංක, ඉරට හඩන මල් ද පේ‍්‍රක්ෂක අවධානය හොදින් තමාවෙත නතුකරගන්නට ටෙලි නාට්‍ය වෙයි.

මේ අතර ලෙස්ටර් ජේම්ස් පීරිස් ගිරය නිර්මාණය කරන්නේ ඉංගී‍්‍රසි නවකතාවක් ඇසුරෙන් නිපදවු ප‍්‍රථම ටෙලිනාට්‍ය ලෙස ඉතිහාස ගත වෙමිනි. මේ ඉතිහාසය තුළ 1991 වසරේදී ධර්මසේන පතිරාජ නිර්මාණය කල තසුලාල ටෙලිනාට්‍ය විචාර ප‍්‍රසාද ඉහලයට ලැබු ටෙලි නාට්‍ය නිර්මාණකරනයේ නව කඩුල්ලක් වුයේය.
ඇල්ල ලඟ වලව්ව

මෙසේ විවිධ මානයන් ඔස්සේ ඉදිරියට පැමිණි ටෙලි නාට්‍ය චාරිකාව වර්තමානය වන විට බොහෝ සංධිස්ථානයකම ඉඩ පසුකරමින් ඉදිරියටම ගමන් කරමින් සිටියි.

එදා ටෙලිනාට්‍ය ආදරයෙන් බැලූ පිරිස වෙනුවට අදවන විට සිටින්නේ ටෙලිනාට්‍ය අසන පිරිසකි. රූපවාහිනි ඇරැුයුමට පෙර ලොව ප‍්‍රකටව තිබු සෝප් ඔපෙරා (ගුවන් විදුලි නාට්‍යය* ගණයට අද ටෙලි නාට්‍යය පත්ව තිබේ. අද ටෙලිනාට්‍ය බලන පිරිසට වඩා අසන පිරිස සිග‍්‍රයෙන් ඉහළ ගොස් තිිබෙන වග නිවෙසක දෛනික කාලසටහන උදාහරණයට ගැනීමෙන් ඔප්පු කරගත හැකිය.

මේ වන විට හවස හයේ සිට ? දහය එකොලහ වන තෙක් ප‍්‍රධාන නාලිකා තුල විකාශනය වන ටෙලි නාට්‍යය ගනන බොහොමයකි. නිවෙසේ වැඩකටයුතු කරන අතරේ බොහෝ දෙනෙකු රූපවාහිනිය පනගන්වමින් දෙබස් ඇසුරෙන් නාට්‍ය රසවිදීමට හුරුව තිබේ. මීට හේතුව අද විකාශනය වන බොහෝ ටෙලිනාට්‍යය රූප මාධ්‍යය භාවිතය වෙනුවට දෙබස් භාවිත කිරීමයි. උදාහරණයක් ලෙස කාර් රියකින් යන ගමනක දර්ශනයක් වෙනුවට අද බොහෝ ටෙලිනාට්‍යය වල ඒ කටයුත්ත දෙබසක් මගින් කියැවීම සිදුවෙයි. කාර් රියකින් ගෙදරට ගොස් බසින දර්ශනය වෙනුවට අද ඇත්තේ ,අපි ආවේ කාර් එකෙන්, යන දෙබස නිවෙස් ඉදිරිපිට සිට කීමය. මේ නිසා රූප නොබලා කතාව රසවිදීමේ හැකියාව පේ‍්‍රක්ෂකයාට උදාවී තිබේ. ඒ අනුව බලන කල්හි නැවත අප සිටින්නේ ලෝකයේ ටෙලිනාට්‍ය කලාව ආරම්භවීමට පෙර සෝප් ඔපෙරා යුගයේමය.

එදා හුළු අතු බැදගනිමින් රූපවාහිනියකට හිමිකම් කියන නිවෙසක් සොයන්නේ රසිකයෝ ඒ ඉදිරියේ රොද බදිමින් බලාපොරොත්තු වුයේ රසවින්දනය මෙන්ම දැනුමය. ඔවුන් ටෙලිනාට්‍ය නැරඹුවේ භාවනාවකට සමවැදීය. නමුත් අද වනවිට දියුණු තාක්‍ෂණය යන නොදියුණු මානසිකත්වය එක්ව තැනෙන නිර්මාණ බොහොමයක් රසිකයාට ලබා දෙන්නට උත්සාහ කරන්නේ කුමක්ද යන වග අපැහැදිලිය.

දිනෙන් දින දියුණුවෙමින් ක‍්‍රමානුකූලව පැමිණි ටෙලිනාට්‍ය ගමන කඩාවැටීම ඇරඹුනේ ක‍්‍රමානුකූලවය. පසු වානිජ අරමුණු ඉලක්ක කරගනිමින් ටෙලි නාට්‍ය නිපදවීම ව්‍යාපාරයක් කරගත් ඇතැමුන් මේ ගෞරවනීය කලාව මුදල වෙනුවෙන් පාවා දුන්නේය. මේ    ඇතිවු ප‍්‍රතිඵලය සෘජුවම මිනිසාට මෙන්ම භාරගැනීමට සිදුවුයේ පේ‍්‍රක්ෂකයන් වු ඔබටය, මටය, අපටය.

එදා ටෙලි නාට්‍ය නිර්මාණය කොට අවසානයේ විකාශනකාලය තීරණය කලද අද ටෙලිනාට්‍යයේ වැඩකටයුතු පුරවන්නේ බෙල්ට් එකක් ලැබුණු පසුවය. ඒ බෙල්ට් එක ගන්නට අද නොකරන දෙයක් නැත. ඇතැම් හොද බෙල්ට් ලැබෙන්නේ දේශපාලන පන්දමට මිස දක්‍ෂතාවයට නොවීම ටෙලිනාට්‍ය මෙතරම් පිරිහීමට සෘජුව බලපාන කරුණක් වී තිබේ.

එදා රසික මනදොල සපිරවීමට ටෙලිනාට්‍යය කල අධ්‍යක්‍ෂකවරු අද තමන්ගේ නිර්මාණ හසුරුවනු ලබන්නේ නිෂ්පාදකයාගේ මන දොල සැපිරවීමටය. නිෂ්පාදකයා විසින් සපුරනු ලබන නළු නිලියන්ගේ ලැයිස්තුවට අනුව තිරපිටපත ලියනු ලබන රචකයා එය අධ්‍යක්‍ෂවරයාට බාර කරනු ලබන්නේ මේ නළු නිලි ලැයිස්තුවද සමඟය. ඉන් අනතුරුව තිර රචකයා, නිෂ්පාදකයා, සහ අධ්‍යක්‍ෂකවරයා මේ නළු ජනපි‍්‍රය ප‍්‍රමාණයේ නළු නිලියන්ගේ ගණන් මිනුම් තීන්දු කරගනිමින් ටෙලි නාට්‍යයේ කටයුතු අරඹයි. දැන් මෙම පිටපත නළුවන් අනුව ලියුවත් නිසාම එම නළු නිලියන්ට ඒ සඳහා යොදා ගැනීමට සිදුවෙයි. දිනකට ඉහළ වැටුපක් ලබන මෙම ටෙලි කම්කරුවන් වත් නළුවන් නිලියන්ගෙන් එක් දිනෙකදී විශාල වැඩකොටසක් නිමකර ගැනීම නිෂ්පාදකයාගේ බලාපොරොත්තුව වෙයි. නිෂ්පාදකවරයාගේ තරමින් සහ අධ්‍යක්‍ෂකවරයා නිරතුරුවම නිෂ්පාදකයාගේ අභිමතාර්ථ සපුරාලීමට බැදී හිදී. එනිසාම නිෂ්පාදකයාගේ මුදල ගෙවීමට ඔහු එක් දිනකදී දර්ශන කිහිපයක් රූගත කිරීමට පෙළඹෙයි. ටෙලිනාට්‍ය වංශකතාවට ,තිබ්බා ගැහුවා, සංස්කෘතිය බිහිවන්නේ මෙලෙසිනි. එමෙන්ම බෙල්ට් එකක් ලැබීමෙන් අනතුරුව ටෙලිනාට්‍ය නිර්මාණය කරන මෙවැනි නිර්මාණකරුවන් ටෙලිනාට්‍යයේ අනිද්දා විකාශනය විය යුතු කොටස රූගත කරන්නේ අදය. අද වැහිබර කාලගුණයක් හැගුණ හොත් කතාවෙන් සියල්ල කාලගුණය අනුව වෙනස් වෙයි. ඒ අනුව බලන කල්හි ලාංකේය වර්තමාන කබල් ටෙලිනාට්‍ය මුලාවට කාලගුණයද බලපෑම් කොට තිබේ.

අද දින මොකක් හෝ පටිගත කොට අද රාති‍්‍රයේ මෙම කොටස සංස්කරණය කොට හෙට බාරදී මුදල් ලබාගත යුතුය. ඒ නිසා ඔවුන් රූගත කරනු ලබන්නේ කතාව නොව මොකක් හරිය. මොකක් හරි නොකලහොත් දවසේ වැටුප මත නළු කම්කරුවට ගෙවු මුදල අපතේය. බෙල්ට් එක අපතේය. මේ කරුණු නිසා අද ලාංකාවේ ටෙලිනාට්‍ය කලාව ,එදාවේල ටුවර්ස්, බවට පත්ව තිබෙන බව පැහැදිලිය.

අද බොහෝ ටෙලි නාට්‍යය මෙගාය. (නමින් පමණයි* මෙගා ලියන බොහෝ දෙනා දන්නේ කතාව ඇරඹෙන තැන ගැනය. අපේ රටේ බොහෝ මෙගා නිමාව දුටුවේ තිරරචකයාද අපබ‍්‍රංසයක් ලෙසටය. කතාවේ මුල සිටි චරිත අවසානයේ නැත. කතාව නිමාවන්නේ එකකට එකක් නොගැලපෙන බොළඳ රූපරාමු වලිනි. මේ සියල්ලටම හේතුව ,එදාවේල ටුවර්ස්, ගමනය.

ලවන යන්නේ කතාව නවත්තලා අලූත් කතාවක් පටන්ගනිමු නිෂ්පාදකයාගේ විධානය තිර රචකයා අකුරට පිලිපැදිය යුතුව තිබේ. එබැවින් ඔහු මෙතෙක් ඇදගෙන ආ කතාව හිටිතැන ලොප් කොට නවතා දමයි. කලක් තිස්සේ පේ‍්‍රක්ෂකයා බලා උන් කතාව නිමාවන්නේ ඔවුනටද කුතුහලයක්  ඉතිරි කරමිනි. ,අපරාදේත්‍වත්‍වත්‍වත්‍වග මෙච්චර කල් කාලේ කාල වැටුවේ පේ‍්‍රක්ෂකයා රූපවාහිනිය ඉදිරියෙන් ඉවත්වන්නේ මේ මැසිවිල්ල සිතේ දරාගෙනය අම්මපා බං මගේ ටීවී එක නොවුනානං ගහනවා පොලේ ටෙලි නාට්‍යයක් නරඹා අවසාන මගේ කීවේ කෝපයෙනි.

මේ අනුව බලන කල්හි අද ටෙලිනාට්‍ය වල තත්වය ඉතා පැහැදිලිය. අද කි‍්‍රයාත්මක වන්නේ අධ්‍යක්‍ෂකවරයා මුලික කොටගත් ටෙලි නාට්‍යය කලාවක් නොව නිෂ්පාදකයා මුලික කොටගත් නිර්මාණ කටයුත්තකි.

අද සියලූ නාලිකාවල සිටින්නේ එකම නළුවන්ය. එකම චරිතය. සෑම ටෙලි නාට්‍යකම විකටයකු මෙන්ම කට කියවන්නකු වෙයි. මෙගා නාට්‍යවල විකටයා කවටයා එකම ස්වරූපයක්ගත් ගෙදර මෙහෙකරුවාමය. නාලිකා සියල්ලෙහිම සිටින්නේ එකම නළුවන්ය. එක් ටෙලි නාට්‍යයක් නරඹා චැනලය මාරු කිරීමේදී හැගෙන්නේ පෙර ටෙලි නාට්‍යයේම කොටසක් අනෙක් චැනලයේ විකාශනය වනවා වැනි හැගීමකි. දුරස්ථ පාලකය පේ‍්‍රක්ෂකයා අත තිබුනද දමන දමන බොත්තම අනුව හුවමාරු වන චැනලවල ඇත්තේ එකම ආකෘතියේ එකම නළුවන් එකම චරිත රඟපාන ටෙලි නාට්‍යයන්ය.

දවසේ ක‍්‍රමයට රැුකියාව කරන නළුවන් නිලියන් දර්ශන තලයට පැමිණෙන්නේ මොකක් හරි කොට සල්ලි ටික සාක්කුවට දමාගෙන යාමට මිස රඟපෑමට නොවන බව ටෙලි නාට්‍ය නැරඹීමේදී දැකගත හැකිය. මෙය ඉතාමත් ඛේදජනක තත්වයකි. අභාග්‍යයකි.

අද නළුවන්ගේ පෞරුෂය මවන්නේ දෙබස් මගිනි. නමුත් එදා ටෙලි නාට්‍ය වල නළුවාගේ රුව ගුණ තේජස සතුව චරිතයක් ජීවමාන කරලිය යුතු ජීවමාන සාධකයක් වගේය. යකෝ මං වලව්වේ මහත්තයා අද ටෙලි නාට්‍යවල වලව්වේ මහත්තයා මමයි ලෙස හදුන්වාදීමට සිදුව ඇත්තේ මේ නළුවන්ගේ පෞරුෂයේ හීනත්වය නිසාය.

අද බොහෝ ටෙලි නාට්‍යවල නිලියන් මෙන්ම නළුවන්ද හරි හැදෑරීමක් නොමැතිව අභ්‍යවකාශයෙන් පැමිණි අයයි. බොහෝ දෙනා නිරූපන ක්ෂේත‍්‍රයේ ඉටි රූපය. එබැවින් ඔවුන්ට නළුවන්ගේ නිලියන්ගේ වෘත්තිය ගරුත්වය පිළිබඳ හැගීමක් නැත. උකුල, දෑස,පපුව පැද්දවීම රංගනය ලෙස හදුනාගත් මෙම නිලිකිරිල්ලියන් මාලනී ෆොන්සේකලා මොනවාද කරලා තියෙන්නේ අපිනේ නිලියෝ යන සිතුවිල්ල හිත තුල පුරවා ගැනීමට තරම් මෝඩ සිතුවිලි සිතන අම්මන්ඩිලාය.

අද දර්හන තලයට රූගත කිරීම් නරඹන්නට පැමිණෙන්නා හෙට උප ප‍්‍රධාන චරිත රඟපාන නළුවාය. අද තත්වය මෙයයි.

මෙතරම් දීර්ඝ කරුණු ඇසුරෙන් ලිපියක් සකසන්නට තීරණය කරනු ලැබුවේ කාටවත් වැඩිමට චෝදනා කිරීමට හෝ නිර්වචනය කිරීමට නොවෙන බව ඉදුරා ලියා තැබිය යුතුය. මේ අප දකින දෙයයි. ඒ නිසා අපට නොලියා නොකියා බැරිය. මේ අල්පයකි. තව බොහෝ දේ ලියන්නට තිබේ. ලංකාවේ වර්තමාන ටෙලි නාට්‍යය මතක් වෙද්දී වෙනත් කිසිවක් මතකයට නැගෙන්නේද නැත.

අප මෙගාවලට විරුද්ධ නැත. අලූතින් නළු නිලියන් අධ්‍යක්‍ෂකවරුන් ක්ෂේත‍්‍රයට පැමිණෙනවාට විරුද්ධ නැත. නිෂ්පාදකවරුන් සල්ලි හොයනවාටද අප විරුද්ධ නැත. නමුත් අප විරුද්ධ කුමකටද?

පැය ඃ පුරා පෙන්වන ටෙලි නාට්‍යයේ විනාඩි 5-6 ක් යන්නේ නාමාවලියයි. මේ අතර වෙළෙද දැන්වීම් 5-6 දෙවාරයක් හෝ තෙවරක් විකාශනය වෙයි. නාට්‍යයේ එතුම් දර්ශන තලයේ එකම නළු නිලියන් යොදාගෙන දර්ශන තුනක් මේ අතර අපට බලන්නට විකාශනය වෙයි. මීට අප විරුද්ධය. මක්නිසාදයත් අපේ ගෙදර ටෙලිවිෂනයේ අපේ ලයිට්බිල වැඩිකරගනිමින් අපේ කාලය ගෙවමින් අප ඉන්නේ අර්ථවත් යමක් බලන්නටය.




16 comments:

  1. පට්ට ලිපියක් ඈ ......

    ReplyDelete
    Replies
    1. නමුත් සාමාන්‍ය බ්ලොග් ලෝකයේ ජීවන රටාවට මේ ලිපිය දිග වැඩියි!

      අළුත් බ්ලොගයට මගේ සුභ පැතුම්!

      Delete
    2. බොහොම ස්තූතියි මට සුබපැතුවට

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. බොහොම ස්තූතියි

      Delete
  2. නීයම ලිපියක් මේ ගැන කතා කරන්න තව තවත් වාසනාව ලැබේවා.ඒ විතරක් නොවේ ටෙලි නට්‍ය කියන්නේ මේ රටේ මාපියාවක් එය තුල පාතාලයක්ද ඇත. ඒක කියන්න තවවත් ලියන්න ලැබේවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මට සුබපැතුවට

      Delete
  3. ලිපිය ගොඩක් හොදයි. ඒත් හදිස්සියෙ කියෙවුවේ ... අදහසක් පස්සෙ ලියනනම්

    ReplyDelete
  4. මම බලල තියන හොදම සිංහල ටෙලිඩ්‍රාම එක අංගම් සටන් ගැන කියවෙන දඩුබස්නා මානය.. ඒක පහුකාලීනව නැවත විකාශයක් ලෙස යනකොට බැලුවෙ.. ඒක ඉස්සෙල්ලම පෙන්නන කාලෙ මම ඉපදිලා නැතිව හෝ ඒ ගැන මගෙ මතකයක් තිබුනෙ නැති කාලයක්...

    කොහොම උනත් ඒක බලනකොට මම හිතුවෙ ඒ කාලෙ මොන තරම් නම් ටෙලි නාට්‍යක් වෙනුවෙන් වෙහෙස මහන්සිවෙලා කටයුතු කරල තියනවද කියලා.. ඒ වගේම නලුවන්ගෙ ප්‍රතිභා පූර්ණත්වය මොනවට පෙන්නුම් කෙරෙනවා..

    මට යන්තම් මතකයි දූ දරුවන්ගෙ පස්සෙ ගිය නෑ දෑයෝ , සත්පුර වැසියෝ වගේ ටෙලි නාට්‍ය හැම ඉරිදාවකම වගේ අම්මලා එකතුවෙලා බලනවා.. ඒත් කතා සාරාංශය නම් මතක නෑ මම ගොඩක් පොඩි කාලෙ නිසා..

    ඒත් පසු කාලීනව නැවත විකාශය කලා බෝඩිම, වෙද හාමිනේ සහ දඩුබස්නාමානය වගේ නාට්‍ය.. ඒව බලල පුදුමාකාර රසවින්දනයක් ලැබුවෙ :)

    ReplyDelete
    Replies
    1. //1902-1903 වසරවලදී වේදිකා නාට්‍ය 17ක් රූපවාහිනිය ඔස්සේ පේ‍්‍රක්ෂකයාට කරවා තිබුණි.//

      මේ වසරවල වැරැද්දක් තියනවා නේද ?

      Delete
    2. සමවෙන්න වරද්දක් වෙලා 1982-1983 ලෙස නිවැරදි විය යුතුයි

      Delete
  5. ඔබේ බ්ලොග් අඩවියට අපගේ සුබ පැතුම්!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මට සුබපැතුවට

      Delete
  6. ඒ කාලේ රූපවාහිනියෙන් බැලුව ටෙලි නාට්‍යත් එක්ක බලනකොට දැන් පෙන්නන ඒවා ලගින්වත් තියන්න බැහැ. නලු නිලියොත් එමෙයි. ආය කවදාවත් ඒ වගේ කාලයක් ඒවි කියල හිතන්න බැහැ

    ReplyDelete
  7. ඒ කාලේ රූපවාහිනියෙන් බැලුව ටෙලි නාට්‍යත් එක්ක බලනකොට දැන් පෙන්නන ඒවා ලගින්වත් තියන්න බැහැ. නලු නිලියොත් එමෙයි. ආය කවදාවත් ඒ වගේ කාලයක් ඒවි කියල හිතන්න බැහැ

    ReplyDelete