Tuesday, December 31, 2013

දෙකයි පනහෙ කොම්පැණි එක්ක මගේ ඩීල් නැහැ සුරංග ද අල්විස් උණුසුම් වෙයි




තමන් නිර්මාණය කළ පළමු චිත්‍රපටයෙන්ම ප්‍රේක්ෂකයාගේ ආදරය දිනා ගැනීමටත් ක්ෂේත්‍රයේ ඇතැමුන්ගේ විවිධ තාඩන පීඩනවලට ලක්වීමටත් ඔහුට සිදු වුණා. කුඩා කල සිටම කලා පරිසරයක හැදී වැඩුණු නිසාම ඒ සියලු තාඩන පීඩන ඔහුට ගෙන ආවේ අධි ශක්තියක්. බොහෝ තැන්වලදී තමාගේ අදහස් සෘජුව ප්‍රකාශ කරන හෙතෙම විවිධ කෝණ හරහා ප්‍රශ්න දැක දැන ඒවාට විසඳුම් සොයන තරුණ්‍යයේ ජවයෙන් පිරිපුන් චරිතයක්. ඔහු සුරංග ද අල්විස්.මේ දිනවල අති සාර්ථකව තිරගත වන ‘රජ හොරු’ චිත්‍රපටයේ අධ්‍යක්ෂ සුරංග ද අල්විස් සමඟ සරසවිය කළ සෘජු උණුසුම් කතාබහකි මේ.

Monday, December 30, 2013

දුටුවම සිරි අසිරි මේ මහ පැලැස්සේ - කාගේ වුණත් සුන්දර සිත තිගැස්සේ



ඇඹිලිපිටියේ සිට නෝනාගම පාරේ පදලංගලින් හැරී සූරියවැව දෙසට යන මාර්ගයේ දී හමුවන සුන්දර කෙත්වතු දෙසබලමින් ඒ කෙත් වතුවල අසිරියවිදින්නට ඔබ අනිවාර්යයෙන් ම කාලය වෙන්කල යුතුම වන්නේය. දෑස්මානයේ ගිරානිලෙන් බබලන වගායාය පිස මහන සශී‍්‍රක සුළං ඇබින්දෙන් ඔබේ පෙණහළු පුරවා ගිනිමින්මේ ගමන ඇරඹීම ඔබට ආශ්වාදයකි. මඟ දිගට  හමුවන කුඩාවැව්, දියකඳුරු, කඩමණ්ඩි,  ඕවිටිමෙන් ම බඩ වැටිද කොසු මෙන්ම ලී පාලම් ද පරෙස්සමෙන් තරණය කොට ඔබ මහපැලැස්සට ළගාවිය යුතුය.


පැලැස්ස යනු වනාන්තරයෙන් වටවු එළිමහන් තැනිතලාවකි. සැබෑවටම මේ මහපැලැස්ස ද හතර දිගින් සශී‍්‍රක වනාන්තරයෙන් වටවු විශාල තැනිතලා බිමකි. මහපැලැස්ස ගම්මානයට පිවිසෙන ඔබට අනිවාර්යයෙන්ම ගැමියෙකු ගේ නිරහංකාර සිනහ සංග‍්‍රහයක් ලැබෙනවා නියතය. පිළිගන්න. ඒ ඔබ පිලිගැනීමට ඔවුන්පෑ දයාවයි.

Friday, December 27, 2013

ටෙලි කලාව එල්ලා මරාදමයි





                         ටෙලි කලාව එල්ලා මරාදමයි





1925 ඔක්තෝම්බර් 02 වැනිදා ස්කොට්ලන්ත ජාතික ජෝන් ලෝගි බෙයාර්ඞ් දුෂ්කර පර්යේෂණ රැුසක අවසන තැනෙක ඇති රුවන් තවත් තැනෙක පෙන්විය හැකි අරුම පුදුම නිමැවුම සාර්ථක කර ගත්තේය. දුර දැකීමට හැකි උපකරණයක් වු හෙයින් ගී‍්‍රක වචන ද්විත්වයත් එක්කොට මෙම අනගි නිමැවුම ටෙලි විඞීයෝ ලෙස නම් දෙන ලදී. මේ ටෙලි වීඩියෝ පසුව ටෙලි විෂන් බවට පත්ව ලොවපුරා ක්ෂණිකව ප‍්‍රචලිතවීම ඇරුඹිණි. මින් තැනෙක සිටින අයෙකුගේ රුව තවත් දුර තැනෙකින් එලෙසම දකින්නට ලැබීම ආශ්චර්යයක් ලෙස බොහෝ දෙනා එදා කල්පනා කරන්නට ඇත.

මෙසේ ලොව පුරා ඉතාමත් සීඝ‍්‍රයෙන් ප‍්‍රකට වු ටෙලිවිෂනය ,රූපවාහිනිය, වී අපේ රටට පැමිනෙන්නේ 1979 අපේ‍්‍රල් මස 13 වැනිදාය. ශාන් වික‍්‍රමසිංහ, අනිල් විජේවර්ධන සහ වොබී කි‍්‍රස්ටි යන තුන් කමිටුව රජයෙන් ලද අනුග‍්‍රාහකත්වයෙන් කොළඹට පමණක් සීමා වු රූපවාහිනී නාලිකාව අරඹන ලදී. ස්වාධීන රූපවාහිනී සේවය ලෙස නම් කල මේ ෙඓතිහාසික රූපවාහිනී නාලිකාව අපේ රටේ මිනිසුන්ගේ චින්තනයට අලූත් අරුනැල්ලක් එක් කරමින් දිනෙන් දින දියුණුවට පත් වුයේය. 1982 පෙබරවාරි 15 දා ජාතික රූපවාහිනිය ඇරුඹීමත් සමඟ රූපවාහිනිය නැතහොත් ගෙදර රූප පෙට්ටිය අපේ රටේ අස්සක් මුල්ලක් නෑර ප‍්‍රකට වන්නට පටන් ගත්තේය. අගනුවර සුපිරි ධනවත් පන්තිය තම නිවසේ රූපවාහිනිය නරඹද්දී ඈත එපිට දුෂ්කර ගම්මානවල ජනතාව පෙට්ටියෙන් රූප නරඹන්නට සැතපුම් ගනන් පා ගමනින් ගොස් රූපවාහිනියකට හිමිකම් කියු නිවෙසකට රොක් වු යුගයක් අපේ රටේ එකල තිබුනි.

Tuesday, December 24, 2013

කට්ටිය සුදානම්ද පට්ටිය වරායෙන් ගොඩවායට ගොඩවෙමු


මේ නිලඹර දිග අතුළ හරිත වියළ අතරින් පෙරඹර හිරු රැස් වෑස්සෙන සුන්දරත්වයේ පෙරවරුවයි' පෙරදා රාති‍්‍රයේ බට මද වැස්සෙන් නව ප්‍රාණයත් ලද තුරු වදුල ගඟ දිය මත සෙවනැල්ලක්ව වැතිරී අදින අපුරු සිතුවම ගඟ දියවර සමඟ උස් පහත් වන්නේ තැන්වසයක පරිද්දෙනි. ඈත අහසේ මිලිනවන සඳත් මෑත ක්‍ෂිතිජයෙන් තරමක් ඈත්ව විකසිතවන නව හිරත් අතර මා මේ සුන්දරත්වයේ අපුරු සිත්තම් නෙත් කූඩයට එකතු කරමි'

මා ඉදිරියෙන් අද තවමත් උපශාන්තව ගමනේය. අති පාරිශුද්ධ සමනොල ගිරි සිරසින් ගමන ඇරඹු ඇයට තවමත් විඩාවත් නැති ගානය. විවිධ තරාතිරම්වල මිනිසුන්" සතා සීපාවුන් සමඟ ගැටෙමින් අනේකවිධ මල් වල සුවය සුවඳ විදිමින් ආ මේ ගමන අද මේ වනවිට හොදහැටි තේරුම්ගත් ගානය. අද කිලෝමීටර එකසිය තිස් අටක් සියළු දන වෙත සිහිල බෙදමින් පැමිණි ගමනේ අවසන් කිලෝමීටර එකහමාර ගෙවමින් හිදින්නීය. සෞම්‍ය නිල් දිය රැලිති ඒ මේ අත වපුරුවමින් අද ඉදිරියට ඇදෙන්නේ සතුටු සිතිනි'

Monday, December 23, 2013

දෙන දෙයක් කාලා, වෙන දෙයක් බලන් ඉන්නවා ඇඩ්‍රස් නෑ

කලකට පසුව කමල් සමඟ කතාබහක්

සප්ත කන්‍යා කඳු පන්තියට ඉහළ අහසට සඳ නැෙඟමින් තිබුණිි. හිරිගඬු පූදින සිහිලැල් තුහින මිශ්‍ර සුළං රැලි අනවසරයෙන් සියොළඟ දැවටෙයි. රක්ත වර්ණ වලා වියළ මත සැතපෙන සඳ එළි කැබැලිති නේක වර්ණ තරුණ තරු කුමරියන් සමඟ කතා බහකය. ඒ මේ අත වැනෙන ටර්පන්ටයින් තුරු පෙළ පාමුලට වී මම නැවත සිතිවලි අහුලමි. මේ පරිසර දෙවඟන මා වෙනුවෙන්ම මැවූ මනෝ රම්‍ය හැන්දෑවයි.
විසිතුරු ගගන ඉම මත අරමුණක් නොමැතිව ඇඳෙන සෙවණැලි දෙස බලා හිඳීම මේ මොහොතේ මාගේ ප්‍රියතම කටයුත්තයි. දැන් සප්ත කන්‍යා කඳු වලල්ලට ඉහළින් සිකුරු තරුව බැළුම් හෙළන වේලාවයි. විවිධ සුව සිතිවිලි අතර සැරිසරන මට මේ මොහොතේ නැවත සිහි වන්නේ අනිල් සහ දීප්තිය. එදවස මේ කඳු වලල්ල පාමුල රඟමින්, ගයමින් දෙදෙනා අප හිත මත සදා නන්දනීයව උරුම කළ මතක අදට ද මෙනෙහි කරමින් සුව විඳීය හැකි සුමියුරු ගීතයක් වැනිය.
තව මොහොකින් ඒ අනිල් ඔබ සහ මා හමුවීමට මේ විසල් තුරු සෙවණට පැමිණෙනු ඇත.
කමල් අද්දරආරච්චි . . .